‘‘සීමා නිරණ වාර්තාවට විරුද්ධව ඡන්දය දෙනවා ‘‘


(සුජිත් හේවාජුලිගේ)

නව ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඉදිරිපත් කෙරෙන පළාත් සභා සීමා නිර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දෙමළ ප්‍රගතිශීලි සංධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ‘‘ලංකාදීප‘‘ යට පැවැසීය.

එම වාර්තාවට විරුද්ධව මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කී ගනේෂන් මහතා අලුත් ඡන්ද ක්‍රමයෙන් රටේ ලොකු අවුලක් නිර්මාණයවූ බවද ප්‍රකාශ කළේය.

සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අනිද්දා (24) පැවැත්වීමට නියමිතය.