‘‘සජිත්ගේ නව සන්ධානයේ මහලේකම් 6 වැනිදාට පෙර නම් කරනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයේ මහලේකම්වරයා ලබන බ්‍රහස්පතින්දා (06)  වැනිදාට පෙර නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කොළඹදී පැවැසීය.

නව සන්ධානයේ මහලේකම්වරයා පත් කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නාමයෝජනා මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට අද (03) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නව සන්ධානය සමඟ ඉදිරි මහමැතිවරණයට තරඟ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.