‘‘රෝහලේ වරදින් නිවුන් දරුවන් දෙදෙනා මිය ගිහින්‘‘


ගම්පහ මහ රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කරනු ලැබ සිටියදී මවක බිහි කළ නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් කේ ධර්මරත්න මහතා කියයි. මියගිය දරුවන්ගේ පියා වන යුද සෙබළ චාමර පි‍්‍රයන්ත මහතා ගම්පහ පොලීසියට පැමිණිලි කර ඇත්තේ වෛද්‍යවරුන්ගේ වරදින් තම නිවුන් දරුවන් දෙදෙන මිය ගිය බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි.