‘‘රාජ්‍ය සේවා පිරුවටය කිළිටි කරගන්න එපා’’


රාජ්‍ය සේවය නම් වූ පිරුවටය කිළිටි කරන්න හොඳ නැහැ. තමන්ගෙන් පසුව එය තවත් කෙනකුට අඳින්නට හැකි පරිදි පිරිසිදුව තබාගත යුතුයැයි තංගල්ල හිටපු පළාත් බඳ මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා පැවැසීය. රාජපක්‍ෂ මහතා විශ‍්‍රාම ලැබීම නිමිත්තෙන් තංගල්ල පළාත් බඳ මහාධිකරණ ශාලාවේ අද පැවැති උපහාර උත්සවයේදී විනිසුරු එසේ කීය. රාජ්‍ය සේවකයන් පඩි ගන්නේ ජනතා බදු මුදලින් බවත් අසරණ මිනිසුන් අධිකරණයේ පිහිට පතා එන්නේ කණකර පවා උගස් කර බවත් විනිසුරු පැවැසීය.