‘‘රජයේ සම්පත් ඡන්දයට”
උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා ඡන්දයට රාජ්‍ය සම්පත් යොදා ගැනීම වේගයෙන් ඉහළ යතියි මැතිවරණ නිරීක්‍ෂණ ජාලය කියයි.
මහජන ආධාර, නිවාස ආධාර, උදලූ තල, උළු වැනි උපකරණ බෙදාදීමට රාජ්‍ය ආයතන උපයෝගී කර ගන්නා බවද සංධාන අපේක්‍ෂක ජය පතා එසේ අනිසි බලපෑම් කරතියිද දිගාමඩුල්ලේ දේශපාලකයකු සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් අමතා සන්ධානයට ඡන්දය ඉල්ලා ඇතැයිද එම නිරීක්‍ෂණ ජාලය පවසයි. මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම ආදී ඡන්ද නීති කඩ කිරීම් 78ක් එම ජාලය ලැයිස්තුගත කර ඇත.

