(සුජිත් හේවාජුලිගේ)
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යාල කම්කරුවන් 17 දෙනෙකු බඳවා ගැනීමේ දැන්වීමට රට පුරා තරණ තරුණියන් එක් ලක්ෂ තුන්දහසක් අයදුම්පත් යොමු කර තිබූ බව කම්කරු වෘත්තීය සමිති සබදතා ඇමැති රවින්ද්‍ර සමරවීර මහතා තොරතුරු හෙළි කළේය.
රටේ රාජ්‍ය අංශයේ රැකියා සඳහා තිබෙන තරඟය මින් මැනැවින් පිළිඹිබු වන බව කී ඇමැතිවරයා බොහෝ දෙනා රාජ්‍ය අංශයේ පමණක් තෝරා ගැනීමේ ආකල්පය වෙනස් කළ යුතු බවද සඳහන් කළේය.
රවීන්ද්‍ර සමරවීර මහතා මෙසේද කීය.
‘‘මේ අයදුම්කරුවන් එක් ලක්ෂ තුන්දහස වෙනුවෙන් මාස එකහමාරක් තිස්සේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා.
මේ වෙනුවෙන් අමාත්‍යංශයට රුපියල් බිලියන ගණනක් වැය කිරීමට සිදුවුණා.බොහෝ දෙනෙකු රාජ්‍ය අංශය කැබිනට් සිටින්නේ විශ්‍රාම වැටුප නිසයි.
පෞද්ගලික අංශයේ තිබෙන පුරප්පාඩු හා එහි වරප්‍රසාද ගැන මම දැන් ජනතාව දැනුවත් කරගෙන යනවා.