විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්දය ඉල්ලා එන අයට ගස් බැඳ ගහන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නාවුලදී පැවැසීය.
ඔහු එසේ කීවේ නාඋල නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක් වෙමිනි.
තමන් ඝාතනය කිරිම සඳහාද මේ වනවිට කොන්ත්‍රාතුවක් ලබාදි ඇතැයි ද පෙරේරා මහතා කිවේය.
‘‘ කිරිවානා සල්ලිය කන්ද ආසන්නයේදි මා ඝාතනය කරන්න සැලසුමි කර තියෙනවා කියලා මට තොරතුරු ලැබි තියෙනවා.මම කියනවා අපි වෙඩි උණ්ඩයට බය නෑ. කව්රුන් හරි ඝාතනය කළොත් දාස් ගණනක් මිනිස්සු ඉන්නවා වෙඩි තියපු එවුන් ඝාතනය කරන්න.
‘මතක තියා ගන්න ගම්වලට කට්ටිය එයි ‘මම ආණ්ඩුවේ හිටියට අනික් පැත්තට යනවා මෛත්‍රිට ඡන්දය දෙන්න කියලා, මම තමුන්නාන්සෙලාට කියනවා ඒ එන එවුන්ට ගස් බැඳලා පහර දෙන්න කියලා.
ජනාධිපතිවරයා මෛත්‍රි අගමැති කර තිබුනා නම් මතක තියා ගන්න මේ ජනාධිපති සටනට එන්නේ අගමැති වරයෙක්.
අපි ලග්ගල ආසනේ සුදානම් කරලා ඉවරයි. නන්දිකඩාල් කලපුවේදි එල්. ටී.ටී.ඊ එක ඝාතනය කරන්න සැලසුම් කළාට වඩා මේ මැතිවරණය සැලැසුම් සහගතව ජයග්‍රහණය කරනවා කියලා මම තමුන්නාන්සේලාට කියනවා‘‘




