(ආරියරත්න රණබාහු , සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කුමන්ත්‍රණකාරයෙකු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළත් තමා එවැනි කුමන්ත්‍රණකාරයෙකු නොවේ යැයි හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
රන්ජන් රාමනායක මහතාගේ සී.ඩී තැටි පොලිසිය මගින් භාරගෙන ඇතැත් දැන් ඒවා පොදු දේපල වී ඇතැයි කී වික්‍රමසිංහ මහතා ඒ දේවල් පොදු දේපලක් වී හැම තැනම විකාශය වන බවද කීය.
එම නිසා ඒ සියලුම සී.ඩී තැටි පොලිසිය මගින් භාරගෙන තමා වරදක් කර තිබේ නම් එය හෙළි කරන ලෙසද හෙතෙම කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබෙන අවස්ථාවේ සභා ගැබට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කිරීමෙන් පසු ඉවත්ව ගියේය.

