‘‘භාරත ඝාතනයේ පරීක්ෂණ අවසන්’’
ජනාධිපති උපදේශකවරයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොලොන්නාවේ ඡන්ද ගැටුමකදී මරා දැමීම සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ බව රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්නද අල්විස් මහතාට දැන්වීය. එහෙත් සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ ශාරීරික හා මානසික තත්ත්වය අනුව ඔහුගේ කටඋත්තර ලියා ගත හැකිවේදැයි නොදන්නා බවද රහස් පොලිසිය කීවේය.
නඩු භාන්ඩ පිළිබඳව රජයේ රසපරීක්ෂක වාර්තාවද ලැබී ඇත. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුනිකා උසාවියට අපහාස වන ප‍්‍රකාශ කරතියි සීඞී තැටි හා පුවත්පත් වාර්තා ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කීවේය.
පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසූවේ එවැනි පැමිණිලි විභාග කිරීමට මහේස්ත‍්‍රාත් උසාවියට බලයක් නැති බවයි.
ලිඛිතව කරුණු දක්වන ලෙස දෙපාර්ශවයට නියෝග කළ මහේස්ත‍්‍රාත් සැකකරුවන් යළි රිමාන්ඞ් කර ජුනි 19 වැනිදාට නඩුව කල්තැබීය.

