‘‘පාරට බැස උද්ඝෝෂණය කරමු‘‘ - රනිල්


එක්සත් ජාතික පක්ෂයේ තවත් අවුරුදු හයක නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් හමුවේ කියා සිටියේ ඉදිරි මාස කිහිපයේ පාරට බැස රජය පෙරළීමේ වැඩපිළිවෙලට එක්වන ලෙසයි. ඒ සඳහා සූදානම් දැයි රැස්ව සිටි පිරිසගෙන් ප්‍රශ්න කළේය. ඔව් යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එහෙනම් ‘‘අපි පාරට බැස උද්ඝෝෂණය කරමු‘‘ යි වික්‍රමසිංහ මහතා කීවේය. මීළඟ ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායකයා එහි අපේක්ෂකයා විය යුතු බව  නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ නායකයා ඉදිරිපත් නොවුනහොත් තමා එම වගකීම බාර ගැනීමට සූදානම් බව ද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. වසර හයකින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය දීර්ඝ කිරීමේ යෝජනාවට  පක්ෂව ඡන්ද 4978  ලැබිණි. 337 දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරළ සහ බුද්ධික පතිරණ යෝජනාවට විරුද්ධවූහ.