‘‘දඩ ගැසීමෙන් ඩෙංගු නැතිකරන්න බෑ’’


ඩෙංගු මදුරුවන් බෝවන්නට ඉඩදුන්නැයි සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් හෝ ඔවුනට දඬුවම් කිරීමෙන් ඩෙංගු උවදුර පිටුදැකිය නොහැකි යැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා ප‍්‍රකාශ කළේය. මුල්ලේරියා පොලිසිය එවැනි සැකකරුවන් පස්දෙනකු ඉදිරිපත් කළවිට මහේස්ත‍්‍රාත් කීවේ මදුරුවන් සිටින පෙදෙස දුමායනයට ලක්කළ යුතු බවයි. චෝදනාවට වරද පිළිගත් පස්දෙනාට රුපියල් පන්සීය බැගින් දඩ ගැසීය.