‘‘කොරෝනා නිසා ලක්ෂ 10 කට රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා‘‘


(කාංචන කුමාර ආරියදාස)

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ලක්ෂ දහයකට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවත් තම රජයක් යටතේ එසේ රැකියා අහිමි වන සෑම පුද්ගලයකුටම රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට යෝජනා කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක ප්‍රියාන් විජේරත්න මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දඹුල්ල සංචාරක හෝටලයක දී අද (19) දින පස්වරුවේ පැවති රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙරට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාවද දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය රටේ  ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් සකස් කර තිබෙන බවත් කිසිදු ආකාරයකින් පොහොට්ටු පක්ෂයට ඡන්දය ලබාදීමෙන් රට ගොඩනැගීමට නොහැකි බවත් රට ගොඩනැගීමට හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත්  රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

           "දැනට කඩා වැටී තිබෙන වෙළෙඳපොළ නැවත ශක්තිමත් කරලා ආර්ථිකය නඟා සිටුවන්න අපි ලැස්තියි කඩා වැටුණු සමාගම් වලට මුදලින් ආධාර කරන්න විදේශ රටවල සංචාරය කරන පිරිස් වලට ලංකාව අමතක වෙන්න දෙන්න හොඳ නැහැ. ඇඳිරි නීතිය දාලා තියෙන වෙලාවල් වල ලෝකෙ අයට රූපවාහිනිය බලන  අවස්ථාවේ ලංකාව ගැන විවිධ දේවල් බලන්න සලස්වන්නේ ඕන. එහෙම වුණේ නැති උනොත් ඒ අය වෙන තැන්වලට යනවා.

ඒ වගේම ඇඟලුම් කර්මාන්තය නැවත ශක්තිමත් කළ යුතුයි ලංකාවේ අනෙකුත් දේශීය කර්මාන්ත නගා සිටුවන්න ඕන අපි ඒවට උදව් කරන්න ඕන අපේ ආණ්ඩුවක් යටතේ දේශීය සමාගම් වල රැකියා ස්ථිර කරනවා.

වැඩ කරන ජනතාවත් ලංකාවේ ව්‍යාපාර ටිකත් ආරක්ෂා කිරීමේ එකම වැඩපිළිවෙල පවතින්නේ එක්සත් ජාතික පක්ෂය යටතේ පසුගිය ජනාධිපතිවරණයේ මොනතරම් පොරොන්දු වුණා ද මොනවද දුන්නෙ සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කරන්න මොනවද කළේ.

ගෙදරක ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ගෙවල් වලට ඔබේ අතට සල්ලි ගිහාම තමයි ඔබ සල්ලි වියදම් කරන්නෙ එතකොට තමයි රටක ආර්ථිකය ශක්තිමත් වෙන්නේ සල්ලි වියදම් කරන්නෙ නැත්තං ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නෑ 2015 වසරේ අගමැති හැටියට මම ආණ්ඩුව භාර ගත්ත වෙලාවේ මාස දෙකක් යන්න කලින් අයවැයෙන් රජයේ සේවකයන් සියළු දෙනාගේම පඩි වැඩි කළා .

ජනතාවගේ මුදල් අප්‍රේල් මාසයේ වියදම් කළා ඒ වියදමත් එක්ක තමයි ආර්ථිකය නැඟලා ආවේ. එදා අන්තිමට මිනිස්සු අතේ සල්ලි තිබුණා ගන්න බඩු නැහැ පෝලීන් වල මිනිස්සු හිටියා.

ඒ වගේම කෘෂිකර්මය දියුණු කරන්න ඕන හාල්වලින් බිත්තර වලින් මස් වලින් මාළුවලින් විතරක් නොවේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන ඒ වගේම අපනයන වෙළඳාම ශක්තිමත් කරන්න ඕන 2050 වනවිට විශාල ජනගහනයක් වැඩි වෙනවා ඒකට තමයි ලැහැස්ති වෙන්න ඕනේ. වී නිෂ්පාදනය වැඩි කරලා අපනයනය කරන්න ඕන අපි දඹුල්ලේ සීතා ගාරයක් ඇති කළා ඒ වගේම ලංකාව වටේම ශීතාගාර ඇති කරනවා එදා කොරෝනා කියලා ආර්ථික මධ්‍යස්ථානය වහල දැම්මා පාර දෙපැත්තේ මිනිස්සු බඩු විකුණනව.කොහොමද එහෙම ආර්ථිකයක් ගොඩනගන්නේ කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ මේ ආර්ථිකය වැටුනොත් තරුණයන්ට අනාගතයක් නැහැ.

කොහොමහරි පොහොට්ටුවේ ආයේ ඡන්දෙ දෙන්න එපා තියෙන ටිකත් නැති වෙයි ගිහින් ජනතාවට කියන්න ඡන්දෙ දෙන්න එපා කියලා මාස නමයක් දීලා තියනවා මොනවද කළේ කියලා අහන්න එච්චරයි මං කියන්නේ.

ණය වෙලා ණය ගන්නවා මම හෙට අනිද්දට කියනවා කොහොමද ණය ගන්න යන්නේ කියලා ඒක හොඳ කතාවක් .මේ රටේ   කොරෝනාව පාලනය කරන්න  ගෙදර ආර්ථිකය හදන්න වැඩසටහන තියෙන්නේ අපි ළඟ ඒක ජනතාවට බලාගන්න පුළුවන්. 

යු එන් පි  වෙබ් එකේ ගිහිල්ලා සංචාරක ව්‍යාපාරය ඇඟලුම් කර්මාන්තය ඒව කියවල බලන්න අද විදේශ විනිමය නැහැ විදේශ විනිමය මේ වන විට මිලියන හතක් කින්  අඩුවෙලා. ඉදිරියට යන්න අඩුම වශයෙන් ඩොලර් මිලියන 6000 කොහොමද හොයාගන්නේ .

එදා රත්තරන් පවුමක් කියද ගොඩක් අය රත්තරන් වල මිල දන්නෙත් නෑ මොකද ඒක බැංකුවට උගස් කරල මේක තවදුරටත් ගිහිල්ලා විනාශ වෙන්න දෙන්න එපා .පොහොට්ටුව ඡන්දෙ දෙන්න එපා. කොරෝනා  පාලනය කරන්න ආර්ථිකය හදන්න එක්සත් ජාතික පක්ෂයේ අලියා ඉස්සරහ කතිරේ ගහන්න එච්චරයි මං කියන්නේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රියාන් විජේරත්න , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහත්වරු ඇතුළු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් කිහිප දෙනෙකු සභාව ඇමතූහ.