(විනීතා එම් ගමගේ)
නල්ලතන්නිය , ලක්ෂපාන වලමලෙයි වත්තේ දී මද්දකට හසුවීමෙන් පසු උඩවලව ඇත් අතුරු සෙවන සත්ව රෝහලේ ප‍්‍රතිකාර කරමින් සිටිය දී මියගිය කළු කොටියා ගේ ගෙල පෙදෙස බරපතල ලෙස අනතුරට ලක්ව තිබු බව ඇත් අතුරු සෙවන සත්ත්ව රෝහලේ වෛද්‍යවරු පවසති.
එම සතා මද්දට හසුවී පැය 12 කට වැඩි කාලයක් සිටින්නට ඇතැයි පෙනෙන බවත් එම සිද්ධිය බැලීමට පැමිණ සිටි පිරිසේ කෑකෝ ගැසීම් නිසා ඌ වරින් වර මද්ද පිටින්ම කඩාපනින්නට තැත්කිරීම නිසා බෙල්ලට දිගින් දිගටම හානි සිදුවන්නට ඇතැයි සිතිය හැකි බවත් එම සත්ත්වයාට ප‍්‍රතිකාර කළ කණ්ඩායමේ සාමාජිකයෙක් පැවැසීය.
එම සතාට ප‍්‍රතිකාර කිරීමේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන ප‍්‍රතිකාර කළ බවත් ඔවුන් සමග සම්බන්ධීකරණයෙන් සියලූ ප‍්‍රතිකාර සිදුකළ බවත් කී ඔහු දැනුම පමණක් නොවන කුසලතා හා අත්දැකීම් සපිරි කණ්ඩායමක් එම ප‍්‍රතිකාර කළ බව ද පැවැසීය.
ඉකුත් 26 වැනිදා මෙම කළු කොටියා වලමලෙයි වත්තේ එළවළු වගා භූමියක මන්දකට හසුවී සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශූ වෛද්‍යවරුන් හා රන්දෙණිගල පශූ වෛද්‍යවරුන් විසින් කොටියා නිර්වින්දනය කර මුදාගෙන වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා උඩවලව ඇත් අතුරු සෙවන පශූ වෛද්‍ය රෝහලට රැගෙන ගිය අතර එහි ප‍්‍රතිකාර කරමින් සිටිය දී මියගියේය.]
පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබු නමුත් වනජීවී නිලධාරින්ගේ ඉල්ලීම මත එම සිරුර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පශූ වෛද්‍ය ඒකකය වෙත ගෙනයනු ලැබිණි.
එහිදී සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ වාර්තාව අද හෝ හෙට ලැබීමට නියමිතව ඇති අතර එහි දී මරණයට හේතුව හෙළි වනු ඇතැයි පැවැසේ.
එම කළු කොටියා මද්දෙන් බේරාගත් අවස්ථාවේම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පශූ ඒකකය වෙත ගෙන නොගියේ මන්දැයි ලංකාදීප කළ විමසුමක දී එම රෝහලේ නිලධාරියෙක් කියා සිටියේ පේරාදෙණියේ එම ඒකකයේ ඇත්තේ පහසුකම් සහිත පශූ රෝහලක් නොවන බවය.]
එහි උපකරණ මෙන්ම පහසුකම් ද මෙම සත්වයාට ප‍්‍රතිකාර කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන බැවින් උඩවලව ගෙන ගිය බව ඔහු සඳහන් කළේය.

