‘‘කපන්නේ නෑ කීවත් දිගටම කපනවා‘‘


(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව නතර කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් පැය දෙකකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (15) පස්වරුවේ පැවසීය.

විදුලි කප්පාදුව අත්හිටුවන බවට ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් කිසිඳු පාර්ශවයකට දැනුම්දී නොමැති බව කී නලින්ද ඉලංගකෝන් මහතා විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව ද අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව ද සඳහන් කළේය.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් විදුලිබල මණ්ඩලය ගාස්තු ඉහළ දැමීමට කළ යෝජනාවට අනුමැතිය දුන්නේ යැයි එම කොමිසම කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත් ඒ හේතුවෙන් විදුලි ගාස්තු ඉහළ දැමීමට නොහැකි බවත් ඉලංගකෝන් මහතා වැඩි දුරටත් කීය.