(නිමල කොඩිතුවක්කු)
මහා සංඝරත්නයේ සහ බෞද්ධ ජනතාවගේ ආදරය විශ්වාසය දිනාගෙන ඇති කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පකෂයේ නායකත්වයට පත් කරන ලෙසට මහා සංඝරත්නය යෝජනා කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු මුගුණුවටවන සිද්ධත්ත හිමියෝ කොළඹදී අද (07) පැවසූහ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් උන්වහන්සේ එහිදී සඳහන් කළහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය රාජගිරිය පිහිටි එම කාර්යාලයේ දී කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එක්සත් ජාතික පක්ෂයේ දැනට සිටින නායකයින් අතරින් පක්ෂ නායකත්වයට වඩාත්ම සුදුස්සා කතානායක කරූ ජයසූරිය මහතා බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එක්ව කඩිනමින් මෙම තීන්දුව ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

