‘‘ආණ්ඩුවෙන් යන්න අදහස් නෑ‘‘


(ක.ග.කරුණාරත්න)

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සූදානමක් නැතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සන්ධාන ගොඩනැගීම පිළිබඳව කෙරෙන කථාබහ අලූත් දෙයක නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් යන බවට යමෙක් කියනවා නම් එය මුලූමනින්ම අසත්‍යයක් බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වෙනි සංවත්සරය යෙදී තිබෙන සැප්තැම්බර් 02දාට යැයිද ඒ නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනේදී පක්‍ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව ප‍්‍රකාශයක් කරන බවද ඒ මහතා කීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් එයට සමගාමීව පොලෙන්නරුව නව වෙළඳ සංකීර්ණයේ ශ‍්‍රවණාගාරයේ පැවැති ලේ දන්දීමේ වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේය.