(නිමල කොඩිතුවක්කු)
ජනබලය ගිලිහෙමින් යන වත්මන් ආණ්ඩුව රාජ්‍ය දේපල , රාජය බලය සහ රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පැවැසීය.
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවළට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා මෙසේද කීය.
‘‘මේ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න යන අපේක්ෂකයන් දිහා බලපුවහම ජනතාවට මේ මැතිවරණය ගැන කල් තියාම තීන්දුවක් ගත හැකියි. වෛද්‍ය සාෆිගේ ප්‍රශ්නයේදී මූලිකත්වය ගෙන කටයුතු කළ කුරුණෑගල මහ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා එම තනතුරේ සිටියදීම මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වෙලා තියෙනවා. මෙය නීති විරෝධියි.
කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ ගොඩනැගිල්ලේදී එතුමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළා. මේ කටයුතු වලට රජයේ වාහන සහ රෝහල් කාර්ය මණ්ඩලයත් සහභාගි වුණා. මේවා නීති විරෝධී වැඩ. අපි මේ ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මැතිවරණ කොමිසමටත් පැමැණිලි කරනවා.
මේ වගේ වැඩ කරන්න එපා කියලා වත්මන් රජයටත් ජනාධිපතිතුමාටත් අපි කියන්න ඕන. දූෂණයෙන් තොරව නීතියට මුල් තැන දෙමින් රට ඉදිරියට ගෙනියනවා කියලා මේ අය බලයට ආවා.
අද මේ ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් රවට්ටලා තියෙනවා. 45000 කට පත්විම් ගැහුවා කියලා ඩලස් අලහප්පෙරුම මහතා කිව්වා. බොරු පොරොන්දු දීලා මේ උපාධිධාරීන් රැවටීම ගැන අපි කණගාටු වෙනවා.
මේ පුහුණුව්ම් නතර කරන්න කියලා මැතිවරණ කොමිසන් සභාවෙන් ප්‍රදේශීය ලේකම්වරුන්ටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් ලිපි යොමු කරලා තියෙනවා. අපේ රජය විසුරුවීමට පෙර පුහුණුවීම් ලබාදීලා රැකියා ලබාදෙන්න අපි කටයුතු කළා. මේ ආණ්ඩුව ආපු ගමන් ඒ පුහුණුවීම් ලැබූ අහිංසක තරුණ පිරිස් අයින් කළා. මේ ආණ්ඩුවේ පිරිස් මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි.
එක පැත්තකින් රැකියාවලින් දොට්ට දාන ගමන් අනිත් පැත්තෙන් රැකියා දෙන බවට තරුණ පිරිස් රවට්ටනවා. රැකියා නොමැතිව පීඩාවට පත්ව සිටින මේ අහිංසක ජනතාව මුලා කරන්න එපා කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා.
නීතිය හා සාමයට වගේම අද ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසටත් මේ ආණ්ඩුවෙන් විශාල බලපෑමක් එල්ලවෙලා තියෙනවා. මහපාරේ සිට පාසලට විශ්ව විද්‍යාලවලට, රටේ පරිපාලන කටයුතු වලට අද ආරක්ෂක හමුදාව යොදවලා තියෙනවා. මේවා ඉදිරියේදී බරපතල ප්‍රශ්න බවට පත්ව තිබෙනවා.
ජනතාවට සහන ලබාදෙන්න අපේ ආණ්ඩුව ඉදිරිපත් කළ සියලුම සහන මේ ආණ්ඩුව නවත්වලා තියෙනවා. අපේ රජය යටතේ එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට ඇතුළු මේ සහන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා බිලියන ගානක් මුදල් වෙන්කරලා තිබුණා. දැන් ඒ සල්ලි කෝ කියලා අපි අහනවා.
අද ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටෙමින් තිබෙනවා. ජනතාවට ඒකෙන් සත පහක සහනයක් දීලා නැහැ. අනිත් පැත්තෙන් දැන් වෙළඳපොලපෙල් සියලුම බඩුමිල ඉහළ ගිහින් තියෙනවා.
දුම්රියවල මත්කුඩු ප්‍රවාහනය කරන බවට දැන් ඇමතිවරු රජයේ සේවකයන්ට අභූත චෝදනා නගනවා. මේ ආණ්ඩුව අකාර්යක්ෂම පාලනයක් තමයි අද ගෙනියන්නේ.
අද මේ ආණ්ඩුවෙන් ජනබලය ඈත්වෙමින් යනවා. මේ මැතිවරණයටත් රාජ්‍ය දේපල, රාජය බලය, රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් මැතිවරණය ජයග්‍රහණය කිරිට උත්සාහ ගනිමින් යනවා. මේ ආණ්ඩුවට එරෙහිව පියවර ගන්නා ලෙසට අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.

