‘‘අසත්‍ය ප්‍රචාර පතුරුවන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා‘‘


(ජයන්ත සමරකෝන්)

ජනතාව අතර නොසන්සුන්තාවයක් හා භිතියක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රචාර හා කටකථා පතුරුවන අයට එරෙහිව හෙට (16) සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද (15) පොලිස් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

නිරෝධායනයට හෝ ස්වයං නිරෝධායනයට පුද්ගලයින් යොමුකිරීම කෝවිඩ් ආසාදිත තත්ත්වයක් නොවේ යැයිද ඒ මහතා කීය.

අසත්‍ය ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ජාල දෙකකට හා මාධ්‍ය ආයතනයකට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා මේ වනවිට රහස් පොලිසියේ 29 දෙනෙකුගේ යුත් කණ්ඩායම් 3 ක් යොදවා ඇතැයි ඔහු සඳහන් කළේය.