‘‘අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර‘‘


(සුජිත් හේවාජුලිගේ )

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ සැණින් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යළි මෙරටට ගෙන්වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසයි.

තම පක්ෂය කාබනික පොහොර ප්‍රතික්ෂේප නොකරන බවත් රට කාබනික පොහොර සඳහා යොමුකළ යුත්තේ ක්‍රමානුකූලව බවත් හෙතෙම සඳහන් කළේය.

අහිතකර විස පළිබෝධනාශක කිහිපයක්ම තහනම් කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව බවද අලවතුවල මහතා සිහිපත් කළේය.