‘‘ මහජන දේපළ අනිසි භාවිතය වැරදියි”


උතුරුමැද පළාත් සභාවේ දේපළ ඡන්ද වැඩට භාවිතා කිරීම ගැන විභාග කිරීමට උතුරු මැද පළාත් මහාධිකරණයට බලයක් නැතැයි මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද ප‍්‍රකාශ කෙළේය. ඒ අනුව අනුරාධපුර ”අපි පුරවැසියෝ” සංවිධානය ගොනු කළ පෙත්සම ඉවත දැමිණි. මහජන දේපළ අනිසි ලෙස භාවිතා කරන පිරිස් මහජනතාව විසින් ගල් ගසා පන්නා දැමිය යුතුයි. වගඋත්තාකාර නිලධරයන් අමතමින් පැවසූ විනිසුරු රජයේ නිලධරයන් කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්නේ නම් මෙවැනි ප‍්‍රශ්න මතු නොවෙතියි ද අවධාරණය කෙළේය.