අති විශිෂ්ට රුසියානු නාට්‍ය රචකයකු වන ඇන්ටන් චෙකොව්ගේ “ද බූර්“ලෝක ප්‍රකට නාට්‍ය කෘතියකි.මීට වසර කීපයකට පෙර “පෝරිසාදයා“ නමින්ශ්‍රී ලාංකේයවේදිකාවට පැමිණෙන මෙම වේදිකා නාට්‍යය, පාලිත අබේලාල්ගේ අධ්‍යක්ෂණයකි. මහාචාර්ය තිස්ස කාරියවසම්‍ගේපරිවර්තනයක් වනමෙම පිටපත ඉමහත් පේ‍්‍රක්‍ෂක අවධානයක් දිනාගැනීමට සමත් නිර්මාණයක් වූ අතර 2013 වසරේ පැවැති යෞවන නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍යය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම රංගනය (පිරිමි), හොඳම රංගනය (කාන්තා) සහ හොඳම රංගාලෝකකරණය ඇතුළු ප‍්‍රධාන සම්මානයන්ගෙන්ද පිදුම් ලැබීමට සමත් වූයේය. එපමණක් නොව 2015 වසරේ පැවැති කල්කටා අන්තර් ජාතික“රිත්වික්“ නාට්‍ය උළෙලේදීද ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් නාට්‍යයක් වන “පෝරිසාදයා“, ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයක් වශයෙන් එළිදකින්නකි.පෙබරවාරි මස 18 වන දිනද සවස 3.30 ට සහ 6.30 බොරැල්ල නාමෙල් මාලිනි පුංචි රඟහලේදී වේදිකාගතවීමට නියමිත මෙම නාට්‍යය පිළිබඳ නාට්‍ය අධ්‍යක්ෂක පාලිත අබේලාල් සමග අප කතාබහක නියැලුණේ එබැවිනි.
“පෝරිසාදයා“ කතා වස්තුව ශ්‍රී ලාංකික පොළොවේ පැළවෙන්නේ කොහොමද ?
මධ්‍යම පාන්තික චරිත සමූහයක් වටා තමයි මෙහි ප්‍රධාන ප්‍රස්තුතය ගලා යන්‍නේ. වික්ටෝරියානු සදාචාරය හමුවේ පසුකාලීනවත් එම සමාජ සහ සංස්කෘතික තත්ත්වයන් ආරක්‍ෂාකරගැනීමට “පෝරිසාදයා“ නාට්‍යයේ ජිවත්වන ඒ චරිත උත්සාහ කරනවා. ඒ වගේම ඒ සමාජ හා සංස්කෘතික තත්ත්වයන් පවත්වාගැනීමටත් ඔවුන් උත්සාහකරනවා. ඒ තුළින් තමයිඒ චරිත ඛේදනීය තත්ත්වයකට පත්වෙන්‍නේ. ඒත් එය හාස්‍ය ශානරයෙන්තමයි “පෝරිසාදයා“ නාට්‍යය තුළ ගමන් කරන්නේ. මං හිතන්නේ ලාංකේය ජනජීවිතයටත් ඒ චරිත ඉතා සමීපයි. මොකද එවැනි චරිත විනිවිද යන අයුරින් තමයි නාට්‍යයේ සන්දර්භය ගොඩනැගී තියෙන්නේ.
ඒත් නාට්‍ය රචකයාගේ දෘෂ්ටිකෝණය, නාට්‍ය අධ්‍යක්ෂවරයා විසින් වෙනස් කළ අවස්ථා තියෙනවා?
නාට්‍ය රචකයා සහ නාට්‍ය අධ්‍යක්ෂවරයා කියන්‍නේ භූමිකා දෙකක්. ඔවුන් වෙන වෙනම ස්වාධීන විය යුතුයි. ඔවුන් එම කලාවන් හසුරුවන ක්‍රමවේදයත් දෙයාකාරයක්. ඒත් අපේ රටේ තමයි බොහෝ වෙලාවට මේ භූමිකා දෙකම එක් කෙනෙක් කරන්‍නේ. උදාහරණයකට චෙකොව්‍ගේ “චෙරි වත්ත“ නාට්‍ය කෘතිය, තල කීපයක් ඔස්‍සේ විනිවිද යනවා. එවැනි අවකාශයක් නාට්‍යකරුවාට එම චරිත තුළ වෙන් වෙන් වශයෙන් පිහිටා තියෙනවා. ඒ අනුවයි නාට්‍යකරුවාගේ ස්වකීය දෘෂ්ටිකෝණය මතුවෙන්‍නේ.
නාට්‍ය කලාව මේ මොහොතේදී බංකොලොත් තත්ත්වයකට ඇද වැටිලා?
නැහැ.එහෙම තත්ත්වයක් නැහැ.නාට්‍ය කලාව විශ්වීයයි.ඒ නිසා මට අවශ්‍ය දේ සමාජගත කිරීමට අදාළ වෙන්‍නේ අනුවර්තනයක්ද,පරිවර්තනයක්ද එහෙම නැත්නම් ස්වතන්ත්‍ර නිර්මාණයක්ද යන්නත් මට අදාළ නැහැ. ඒ නිසා වඩා වැදගත්‍වෙන්‍නේ නාට්‍යකරුවා තමාගේ දැක්ම කොතරම් සාර්ථක අයුරින් සමාජගත කළාද යන්නයි.
ඒත් එම දෘෂ්ටිකෝණයේත් පැහැදිලි කඩා වැටීමක් අද සිදුවෙලා?
අනිවාර්යයෙන්ම.එවැනි අසාර්ථකත්වයක් තියෙනවා.එතැන තමයි අර්බුදය.තමන්‍ගේ ප්‍රකාශනය,පවත්නා සමාජය සමග ගලපා ගැනීමට ඇතැම් නාට්‍යකරුවන් අපොහොසත් වෙලා.මං හිතන්‍නේ ඇතැම් තරුණ නාට්‍යකරුවන්‍ගේ අර්බුදයත් ඒකමයි.මොකද මේ වෙද්දි ඔවුන්‍ගේ කියවීම පැහැදිලි ලෙසම කඩාවැටීමකට ලක්‍වෙලා.
ජන කරළිය වැනි නාට්‍ය පාසැල්වල පවත්නා අහේනියත් මීට හේතුවක් නේද ?
මම හිතන්‍නේ ලංකාවේ ප්‍රමාණවත් නාට්‍ය පාසැල් තියෙනවා.නාට්‍ය පාඨමාලාවල් තියෙනවා.ඒත් ඒවා කොතරම්දුරට අපට ගැලපෙනවාද යන්නයි වැදගත්‍වෙන්‍නේ.අනික මම නම් විශ්වාස කරන්‍නේලංකාවට නාට්‍ය පාසැල් අවශ්‍යනැහැ කියලයි.විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු පවා මෑතකදි මේ ගැන කතා කළා.විශ්වවිද්‍යාලවලින් නාට්‍ය කලාව උගැන්වීම නැවැත්විය යුතුයි කියලයි ඔහු කිව්‍වේ.මොකද ජීවිතයෙන් තමයි නාට්‍ය කලාව උගැන්විය යුත්‍තේ.අනික ලංකාවෙන් බිහි වූ පුරෝගාමී නාට්‍යකරුවන් බිහිවුණේ නාට්‍ය පාඨමාලාවලින් නෙමෙයි. අද වෙද්දී දවස් හතළිස් පහෙන් නාට්‍යකරුවෝ බිහිකරන පාඨමාලාත් ඇවිත්.බොයිලර් කුකුළෙක් එළියට එන්‍නෙත් දවස් හතළිස් පහෙන්. ඒත් එහෙම නාට්‍යකරුවන් බිහිකරන්න බැහැ. නාට්‍ය කලාව වෙනුවෙන් ආදරයක් තියෙන්න ඕනි.කැපවීමක් තියෙන්න ඕනි.ඒ නිසා නාට්‍ය කලාව ශ්‍රී ලංකාව තුළ නිසියාකාරව සංවිධානගත නොවීමයි මීට හේතුව.
ඒත් “නාට්‍ය කලාව“ සමාජයට ඇති ප්‍රයෝජනය මොකක්ද?
මනුස්සයෙක් වෙන්නයි නාට්‍ය කලාව වැදගත්‍වෙන්‍නේ.මම නාට්‍ය කලාවට යොමුවෙන්‍නේම එවැනි අරමුණකින්. සමාජය කියවීමේ හැකියාව නිර්මාණය කරගන්නත් මට අවශ්‍ය වුණා. ඒ වගේම සමාජයට වඩාත් සමීප පුද්ගලයෙක් විදිහට මගේ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබලම මාධ්‍යය විදිහටත් මම දැක්‍කේ නාට්‍ය කලාව.ඒ වෙනුවෙන් තමයි මම නාට්‍ය කලාව තෝරාගන්‍නේ.
“පෝරිසාදයා“සඳහා දායක වන පිරිස ගැන මතක් කළොත් ?
රංගනයෙන්සුනෙත් ශාන්ත, රොනිකා චාමලී, රාසයියා ලෝගනාදන්, ඉනෝකා ලංකාපුර, සෙල්වරාජ් ලීලාවතී සහසරත් බනගල දායක වෙනවා. ඒ වගේම වේදිකා පරිපාලනයෙන්රාසයියා ලෝගනාදන්, පසුතල නිර්මාණයෙන්රොහාන් සමරදිවාකර, ඇඳුම් නිර්මාණයෙන්සුවිනීතා සුබසිංහ සහ අංගරචනයෙන්මම දායකත්වය ලබා දෙනවා.
කතාබහ සහ සටහන - මාලන් විදානපතිරණ



