‘ෆොන්සේකා බෑනට මිත්තනිය රැකවරණය දීලා‘


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුගේ මිත්තනිය ඇලන් විමලා තිලකරත්න (80) 2010 පෙබරවාරි 16 වැනිදා ඔහුට රැකවරණ දී ඇතැයි රහස් පොලිස් කොස්තාපල් අජිත් පතිරණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිහාල් පිලපිටිය මහතා ඉදිරියේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

ධනූන ඇගේ පිළියන්දල නිවසේ රැකවරණ ලබන බවට තොරතුරු ලැබුණු බවත් ඔහු කීවේය.

මේ නඩුවෙන් විමලා තිලකරත්න චෝදනා ලබා සිටින්නීය.

යුද හමුදාවට අවි සැපයීමෙන් වංචනික ක්‍රියාවක් කළැයි පවරා ඇති හයිකෝප් නඩුවේ ධනූන තිලකරත්න පළමු වැනි සැකකරු ය.

ධනූන මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ඔහුගේ මිත්තනිය ඇප පිට සිටින්නීය.