තමා ගැන ලිපි ගොණු ඇත්නම් පැය විසි හතරෙන් එළියට දමන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.
‘එහෙම තියෙනවා නම් කරුණා කර ඒවායේ ඇත්තේ මොනවාදැයි හෙළි කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ෆයිල් තිබෙනවා නම් ඇයි තියාගෙන ඉන්නේ? මේ රටේ ජනතාව දැන් ඒවා අනුමත කරන්නේ නෑ. එහෙම ෆයිල් තිබෙනවා නම් ඒවායේ ඇත්තේ මොනවාදැයි හෙළි නොකිරීම සදාචාර විරෝධීයි.
මේ රටේ ජනතාවට දැන් වෙනසක් ඇති වී තිබෙනවා. ඒ වෙනස අපි ඇති කරමු කියන තේමාව උඩ තමයි අපි මෙතනට ආවේ.
මැති ඇමැතිවරු සියයට පනහකට වැඩිය මගේ මතේ ඉන්නවා. මං ඔවුන්ට විවිධ තාඩන පීඩන නිසා දේශපාලන පීඩන නිසා එළියට එන්න බයයි. මං හිතන්නේ තව පිරිසක් අනාගතයේ ඉදිරියට එනවා.
2007 අපි ආණ්ඩුවට යනකොට තිබුණු තත්වේ නොවෙයි අද තියෙන්නේ.‘

