බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීන්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේදී බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය පළ කරන බව ද අය වැය පරාජයට පත් නොකරන බව ද එහිදී ප්‍රකාශ කළහ.
සන්ධාන මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ද ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝද එම අවස්ථාවට සහභාගී වී නොසිටියහ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අද නොපැමිණියේ ආණ්ඩුවෙන් යන නිසාදැයි මාධ්‍යවේදීයකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ එවැනි කිසිවක් නොමැති බවයි. ඇයට පැමිණිමට නොහැකි බව තමාට දැනුම් දී තිබු බවත් ප්‍රධාන අමාත්‍යවරයා කීවේය.





