හොරණ කඳන නව හැවිරිදි දරුවකු පැහැරගත් බව කියන සිවුරක් හැඳගත් පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි.
දරුවාගේ නෑයකුගේ ගෙදරට ආ එම තැනැත්තා දරුවාට බයිසිකලයක් මිලට ගෙන දීම සඳහා හොරණ නගරයට පැමිණ ඇති බවත්, දරුවාගේ මව ඇතුළු කිහිප දෙනකු ත්‍රිරෝද රියකින් පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.
බැංකුවෙන් මුදල් ගැනීමට කොලයක් පුරවන ලෙස දරුවාගේ මවට කියූ සිවුරක් හැඳගත් එම පුද්ගලයා බුලත් විටක් ගෙන එන බව කියා දරුවා සමග ගිය බවත්, දරුවා සොයා ගැනීමට නැති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

