‘හිඟුරක්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ කිසිදු නිලධාරීයකුට කොරෝනා නෑ’


(ඩබ් ඒ පියතිලක)

හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිළධාරින්  13 දෙනාගේ පි.සි.ආර්. පරික්ෂණ වලින්  කොරෝනා ආසාදිතයින් නොවන බවට අනාවරණය  වූ බව හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර මහතා කියයි.

මේ පිළිබඳව කළ විමසිමේදී හිගුරක්ගොඩ පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා  වැඩිදුරටත් මෙසේ පැවැසුහ.

ඉකුත් දිනක කොවිඩ් 19 ආසාදිත රෝගියකු පොලිස් ස්ථානය වෙත පැමිණිමත් සමඟ ඔහු පැමිණි අපරාධ විමර්ශන අංශයේ සියලුම නිළධාරින්  ස්වයං නිරෝධායනයට ලක් කර පි.සි.ආර්. පරික්ෂණ වලට ද භාජනය කළා. එහි ප්‍රතිඵල අනුව එම නිළධාරින් කිසිවෙකුට කොවිඩ් 19 රෝගය ආසාදිතයන්  නොවන බව  තහවුරු වී තිබේ.

ඒ අනුව සුපුරුදු ලෙස  හිගුරක්ගොඩ පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලු කටයුතු නැවත  සිදුවන බවත් කිසිදු බියකින් සැකයකින් තොරව තමන්ගේ සේවාවන් ලබා ගැනිම සඳහා පොලිසිය වෙත පැමිණෙන ලෙස මහජනතාවගෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටී.