‘හරි මඟට එන්න ඉඩක් දුන්නා පමණයි‘


ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බාරදීම ලබන සැප්තැම්බර් තෙක් කල් දැමුවද දිගින් දිගටම කල් නොදමන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙය නව රජයේ ඉල්ලීම් සලකා බලමින් ශ්‍රී ලංකාවට දුන් එක අවස්ථාවක් පමණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කර ඇත.

යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ මෙම ජාත්‍යන්තර විමර්ශන වාර්තාව එළි දැක්වීම ලබන සැප්තැම්බර් මාසය තෙක් පමා කිරීම යනු එම වාර්තාව යටපත් කිරිමේ උත්සාහයක් නොවන බවටද මහ කොමසාරිස් පවසයි.

මේ අතර ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශන පවත්වන මාර්ටි අටිසාරි, සිල්වියා කාර්ට්රයිට්, අස්මා ජගන්ගීර් යන විද්වතුන් තිදෙනාද නව රජය යටතේ සිය විමර්ශන සහයෝගයෙන් සිදු කිරීමට කැමැත්තෙන් සිටින බැව්ද වාර්තාවේ.