‘හරක් කටාගේ’ ගෝලයෙක් කොටවිලදී අල්ලයි


(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
හිටපු ප්‍රධාන පෙළේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකු ලෙස සැළකෙන නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ගෝලයකු වැලිගම, උඩුකාව ප්‍රදේශයේදී කොටවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව සිටින 43 හැවිරිදි පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර මැද්දවත්ත කාර්යාලයේ කාර්යසහායකයකු ලෙස සේවය කරන බවත් අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිසිය පැවසීය.

වැලිගම, උඩුකාව ප්‍රදේශයේදී පදිංචිව සිටි ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තා කොටවිල, වරකාපිටිය මහා විද්‍යාල අසළදී පසුගිය 3 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය.

කොටවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. සී. හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් වැඩි දුර පරීක්‍ෂණ මෙහෙයවයි.