(යොහාන් භාසුර)
සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා සාමාන්‍ය පෙළ විභාග (2020) ප්‍රතිඵල නිකුත් කිරීමට රජය කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
සෞන්දර්ය විෂයයන්වලට දරුවන් 169000 පමණ පෙනී සිටි බව කී ස්ටාලින් මහතා එම විෂයන්වල ප්‍රතිඵල නොමැතිව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම දරුවන්ට කරන දැඩි අසාධාරණයක් බවත් සඳහන් කළේය.
රජය එවැනි තීරණයකට එළඹුන හොත් දෙමව්පියන් සමග එකතුව හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ස්ටාලින් මහතා අවධාරණය කළේය.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූයේ ගුරුවරුන්ගේ වර්ජනය නිසාම පමණක් නොවන බවත් කොරෝනා හේතුවෙන් පාසල් තවමත් වසා තැබීම ඊට ප්‍රධාන හේතුව බවට පත්වූ බවත් ස්ටාලින් මහතා කීය.

