(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව කොරෝනා මර්ධන මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති නිසා රට වසාගෙන සිටීමේ ප්‍රතිඵල ලැබේ යැයි සිතන්නට නොහැකි බවතරට වසාගෙන සිටි කාලයේ පීසීආර් පරීක්ෂණ විසි එක්දහසක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 16900කින් අඩුකර තිබෙන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය .
රට වැසීමකින් බලාපොරොත්තු වන්නේ රෝගීන් සොයාගෙන වෙන්කර ප්‍රතිකාර කිරීම මෙන්ම නිරෝධායනය කිරීම වුවත් ඒ කිසිම කාරණයක් නොකර කොරෝනා මර්දනය කළ හැකි යැයි සිතනවා නම් එය මිථ්‍යාවක් පමණක් බවද රත්නප්‍රිය මහතා කීය.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී රත්නප්‍රිය මහතා කීවෙි ආණ්ඩුව අද කිසිම සැලසුමකින් තොරව හෙට කන්න අද හම්බ කරන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබෙන බවයි.

