‘සුසීල හිමි පෙත්සම විභාගයට‘


ථෙරවාදී භික්ෂු කථීකාවත ( ලියාපදිංචි ) පනත් කෙටුම්පත මඟින් භික්ෂූන් පාලනය කිරීම සඳහා අපරාධ නීතිය යොදා ගැනීමට කටයුතු කර ඇති බවත් , භික්ෂු පාලනය ගිහියන්ට පැවරීමක් සිදු කර ඇති  බව අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයේදී පෙත්සම්කාර පිවිතුරු හෙළ උරුමයේ ශාසනික ලේකම් බියගම සුශීල හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද (26) ශ්‍රේෂ්ඨාධිකරනයේදී  කීය.

මෙම පෙත්සම ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ මෙම පනත් කෙටුම්පත මඟින් සංඝ සමාජය පාලනය කිරීමේ බලය ගිහියන්ට ලබා දෙනවා පමණක්ම නොවෙයි ,යම් භික්ෂූන් දෙදෙනෙකු අතර සුළු ආරවුලක් ඇති වුවහොත් ඒ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 50000 කට නොඅඩු දඩයක් අයකර ගැනීමේ බලතල පනතින් ලැඛෙන බවද කියා සිටියේය.එය ඉතාම නරක නීතියක් බවද හෙතෙම කීය.

සිවුරේ පාට ප්‍රමිතිය පිළිබඳ නීතයක් පසාමාන්‍යයෙන් කළ නොහැකි බවත්, සිවුරේ පාට කහ හො දුඹුරුද කියා තීරණය වන්නේ භාවිතා කරන ශාක කොටස් ප්‍රමාණය මත බවත් , ඊට නීති දැමිය නොහැකි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා කීය.

ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමෙයේ ශාසනික ලේකම් බියගම සුගීල හිමි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු ඛල  පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

2015 දරණ තේරවාදී භික්ෂු කතිකාවත (ලියාපදිංචි) නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කර තිඛෙන අතර මෙම පනත් කෙටුම්පතෙහි 2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15 සහ 16 යන වගන්තීන් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 4(ඇ) ,9,10,11,12(1), 12(2) ,14(1) ඇ සහ 14(1) 6 වගන්තීන් වලට පටහැනි බව පෙත්සම්කරු කියා සිටිති.

මෙම පනත් කෙටුම්පත බලපැවැත්වෙන්නේ ථෙරවාද බුදු දහමට පටහැනිව බවත්, එබැවින් ථෙරාවාදී භික්ෂූන්ට නිදහස අහිම වන අතර මහායාන භික්ෂූන් ,ක්‍රිස්තියානි සහ කතෝලික පූජකවරුන්ට එය බල නොපාන බවත් පෙත්සමේ දැක්වේ.

මෙම කථීකාවත තුළීන් නිදහස් සිතුවිලි වලට අනුව නිදහසේ තමන් කැමති ආගමක් ඇදහීමේ මූලික අයිතීය අහිමි කිරීමක් බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

එබැවින් මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ප්‍රකාශ කරන ලෙසද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත ඩිචාරයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නියෝග කරන ලෙසද ඒ හිමියෝ කියා සිටිති.