‘සීමානිර්ණ වාර්තාවට ජවිපෙ කැමැත්ත ලබාදෙනවා’



 
 
(ශිරාන් රණසිංහ)
 
පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයකට පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවට හෙට (24) වැනි දා ඉදිරිපත් කරන සීමා නිර්ණ වාර්තාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.


පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නම් අලුත් ඡන්ද ක්‍රමය අත්හිටුවිය යුතු බවත් ඒ සඳහා වූ යෝජනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත හිමි විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.


එහිදී පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු බව ද ඔහු කීවේය.


අසමත් ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට ඔවුන් ම ගෙනා නව මැතිවරණ ක්‍රමයට අදාළ සීමානිර්ණ වාර්තාව සම්මත කර ගැනීම හමුවේ තවත් උපක්‍රමයක් භාවිත කරන බව ද විජිත හේරත් මහතා කියා සිටියේය.


මේ වන විට නව මැතිවරණ ක්‍රමයක් සැකසූ එජාපය යළි පැරණි මැතිවරණ ක්‍රමය අවශ්‍ය බව කියමින් කටයුතු කරද්දී ආණ්ඩුවේ ශ්‍රීලනිප පිරිස අලුත් ක්‍රමය අවශ්‍ය බව කීම ම ආණ්ඩුවේ අර්බුදයේ තරම පෙන්වන්නක් බව ද ඒ මහතා කියා සිටියේ ය.