‘සීමානිර්ණ වාර්තාව සැකසීමට වැය කළේ ලක්ෂ 160 යි’


(ආරියරත්න රණබාහු)

 

පළාත් සභා සීමානිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 212 ක් වුවත් ඊට වැය කළේ රුපියල් ලක්ෂ 160ක් පමණක් යැයි පළාත් සභා සීමානිර්ණ කමිටුවේ සභාපති හිටපු මිනුම්පති කනගරත්නම් නවලිංගම් මහතා පැවසීය.

නවලිංගම් මහතා වැඩිදුරටත් කියා සිටියේ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් ලක්ෂ 212ක් බවත් එහෙත් තම කමිටුව අරපරිස්සමින් වියදම් කිරීම හේතුවෙන් ඉන් රුපියල්  ලක්ෂ 15ක් ඉතුරු කර ඒ මුදල මහා භාණ්ඩාගාරයට යැවූ බවත් ය.

ඒ අනුව කමිටුව සඳහා වැය වූ මුළු මුදල රුපියල් ලක්ෂ 160ක් යැයි කමිටු සභාපතිවරයා කීය.