‘සීනි මිල වැඩිකර නැහැ‘ - රජය කියයි


(රංජන් කස්තුරි)

සීනි ආනයන බද්ද රුපියල් 10න් වැඩි කළද වෙළඳපොළේ සීනි මිල වැඩිකර නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

සතොස වෙළඳසල්වල සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 102ක් වන අතර ව්‍යාජ ලෙස මිල ඉහළ නංවා සීනි අලෙවි කිරීම නීති විරෝධී බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.