‘සීනි බෝල එපා‘


වැටුප් විෂමතා ඉවත්කැර දෙන ලෙස ඉල්ලා දකුණු පළාත් විශ්‍රාමිකයන්ගේ දිස්ත්‍රික් ඒකාබද්ධ සංවිධානය විසින් මෙහෙයවූ උද්ඝෝෂණයක් අද උදෑසන ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්විණි.

විශ්‍රාමිකයන් පවසන්නේ අයවැයෙන් රුපියල් 500ක් ලබාදී රජය විශ්‍රාමිකයන්ට සීනිබෝල දී බාල්දුකැර ඇති බවයි.

කප්පාදුවකින් තොරව රජයේ සේවකයන්ට සමානව ජීවන වියදම් දීමනාව  ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.