‘සියළු ආගම් වලින් උගන්වන දයාව කරුණාව වැරදි ලෙස අර්ථකථනය සමාජයට අහිතකර බලපෑමක්‘



(අංජුල මහික වීරරත්න සහ සිතුම් චතුරංග මරදමඩු පුදබිමේ සිට)
            
සියළුම ආගම්වලින් උගන්වන දයාව සහ කරුණාව වෛරයක් ලෙස වැරදියට අර්ථ කථනය කිරීම නිසා ශ‍්‍රී ලාංකික සමාජයට අහිතකර බලපෑමක් සිදුවී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මන්නාරම මරදමඩු පුදබිමේදී අද (15) පැවසීය.

ආගම්වල දයාව සහ කරුණාව විකෘති කරමින් වෛරය පතුරවන්නට කිසිවකුටත් ඉඩලබා නොදෙන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ මන්නාරම මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දේවමෙහෙය අවස්ථාවට සහභාගී වෙමිනි. 
ශ‍්‍රී ලංකාවේ රජ්‍ය නායකයකු මරදමඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගීවු දෙවන වතාව ලෙස අග‍්‍රාමාත්‍ය වරයාගේ පැමිණීම සිනිටුහන් විය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස පළමු වරට මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගීවී ඇත්තේ හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාය. 

මෙහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මරදමඩු දේවස්ථානයේ පරිපාලන කටයුතු සඳහා එම්මානුවෙල් ප‍්‍රනාන්දු මන්නාරම රඳගුරුතුමන් වෙත මුදල් චෙක්පතක්ද ප‍්‍රධානය කළේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරඳගුරු තුමන් ප‍්‍රමුඛ අගරඳගුරුතුමන්ද එම්මානුවෙල් ප‍්‍රනාන්දු මන්නාරම රඳගුරුතුමන් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකාවේ රඳගුරුතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් අවසන් දේව මෙහෙය පැවැත්විණි.

 මෙම අවස්ථාවට උතුරේත් , දකුණේත් ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් සහභාගීවී සිටියහ.

                                                
(ජයාරූප - ශාන්ත රත්නායක)