‘සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් අවදානමකට මුහුණපෑමට සිදුවනවා’


(සුජිත් හේවාජූලිගේ)

 

ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ලොකු අවදානමකට මුහුණපෑමට සිදුවන බව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළ‍ඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.

ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකකින් සම්මත කර ගතහොත් ආරක්ෂක හේතුවක් මත හැරෙන්නට වෙනත් කිසිදු හේතුවක් මත යළි තුනෙන් දෙකක බලයකින් වෙනස් කර ගත නොහැකි බව පෙන්වා දෙන සමරවික්‍රම මහතා එවැනි අවදානමකට යෑම නුවණට හුරු නැතැයිද ප්‍රකාශ ක‍ළේය.

ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද ඒ බව නීතිපතිවරයා ද තමාට දැනුම් දී ඇතැයිද ඔහු කීය.

මේ ගිවිසුම සකස් කළේ බොහෝ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව කී සමරවික්‍රම මහතා ඒ සාකච්ඡා මඟ හැරී ගිය සමහර දේශපාලන පක්ෂ දැන් බොරුවට කෑ ගසන බව ද සඳහන් කළේය.

මේ ගිවිසුමේ රටට හතුරු කිසිවකට ඉඩකඩ නැතැයිද එවැනි දෑ සඳහා තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා පැවසීය.