‘සාමකාමී ඡන්දයක් ඕනෑ‘ - බැන්කි මූන්


අන්තවාදී  අදහස්  ඇති බෞද්ධ කණ්ඩායම්  ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයකට නැඹුරුවීමක්  දකින්නට ලැබෙන බවත් , එබැවින් බියක් සැකක් නොමැතිව සුළු ජාතික ජනතාවට  සාමකාමී හා විශ්වාසනීය ලෙස මැතිවරණ ක්‍රියාවලියකට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංන්විය යුතු බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන්කී මූන් මහතා අද (30) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

ලංකාවේ ජනාධීපතිවරණ කටයුතු වලින් පසුවත් මෙරට ප්‍රතිසන්ධානය දේශපාලන සංවාදයකට හා වගවීම වෙනුවෙන්  එක්සත්ජාතින්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවද මහ ලේකම්වරයා පැවසීය.