පසුගිය අවුරුදු දෙකක කාලයේ තමාත් පවුලේ උදවියත් බොහෝ කරදරවලට මුහුණ පෑ බවත්, අද දිනයේ තමා විශාම ගන්නා බවත්, නව අගවිනිසුරු ලෙස පත්වීමට නියමිත කේ ශ්‍රීපවන් මහතාට සුබ පතන බවත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයේ දී පැවසුවාය.
ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරු රැසක් ද, නීතීඥවරු ද ඊට එක්වූහ.
‘පසුගිය වසර දෙකේ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කළා. බරපතල වැඩ සහිතව හිරේ ගියා වගේ පීඩනයකින් හිටියේ. දැන් ඒ කාලය නිමා වුණා. සාධාරණය ඉෂ්ඨ වුණා.
මා වසර දෙකක් මේ අරගලය ගෙනිච්චේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්.
මුළ සිටම අප සමඟ සිටි, අපට වූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ‘ යැයි ද ඇය කීවාය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සිය කතාවේ දී කීවේ පවතින තත්ත්වය තුළ අගවිනිසුරුවරිය විශ්‍රාම යෑමට තීරණය කිරීම අගය කරන බවයි. එමෙන්ම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට යන මොහොතේ ජනමත විචාරණයක් නොපැවැත්වීම ගැන බණ්ඩාරනායක මහත්මිය ද වග කිව යුතු යැයි ද ඔහු කීවේය. ජයසූරිය මහතාගේ කතාවේ දී අගවිනිසුරුවරියගෙන් වූ අඩුපාඩු හා ඇය දුන් ශ්‍රේෂ්ඨ තීන්දු ගැන ද කතා කළේය.
අග විනිසුරුවරිය පවුලේ අය සමග
ඡායාරූප - තිළිණි ද සිල්වා







