(අජිත්ලාල් ශාන්තඋදය, පී.ඒ.කේ.විජයසුන්දර සහ අප්සරා යොසිත්)
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුරින් සහ නායයාම් වලින් ආපදාවට ලක්වූ ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව ලබාදෙන ලෙසත් ස්ථිර ආදායම් මාර්ග ලැබෙන තෙක් හානියට පත් සහ අවතැන්වූ ජනතාවට සහනාධාර සපයන ලෙසත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අද(29) රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති ආපදා මෙහෙයුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී ජනපතිවරයා රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරිය ඇතුළු මධ්‍යම රජයේ නිලධාරින්ට සහ සබරගමු පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ඇතුලූ පළාත් රාජ්‍ය නිලධාරින්ට මෙලෙස උපදෙස් දී තිබේ.

