ගෙවල් බිඳ බඩුමුට්ටු සොරා ගැනීමේ අපරාධ 31කට සම්බන්ධ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනකු (27, 29 සහ 34) සොරාගත් රත්‍රන් ග්‍රෑම් 43.670ක් සහ හෙරොයින් ග්‍රෑම් 2.120ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
29 හැවිරිදි ප්‍රධාන සැකකරු බොරු නමකින් මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවට ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට තොරතුරක් අනුව විමර්ශන අරඹා සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.

