තමන්ට අවශ්‍ය කරන්නේ සහනාධාර නොව ගංවතුර අවම කර ගැනීමේ වැඩ පිළිවෙළක් බව සේරුවිල ගොවීහු ද භික්ෂූන් වහන්සේ ද නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලපත්ති මහත්මිය හමුවේ පැවසූහ.
ගලප්පත්ති මහත්මිය එම ප්‍රදේශයේ ගංවතුරින් අවතැන්වූ ජනතාවට සහනාධාර රැගෙන ගිය අවස්ථාවේ ඔවුහු එසේ කීහ.
එම ඉල්ලීම ගැන මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දෙන බව ගලප්පත්ති මහත්මිය පැවසුවාය.

