‘සක්විති කත‘ දෙවසරකට පසු අල්ලයි
වැඩි පොළියක් ගෙවන බව කියා දෙවසරකට පෙර වස්කඩුවේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් වංචා කළැයි සැකපිට වස්කඩුවේ ‘බබියා‘ නම් කතකගෙන් ප්‍රශ්න කරගෙන යන බව දකුණු කළුතර පොලීසියේ වංචා විමර්ශන අංශය කියයි.
මීගමුවේ ගෙදරක මෙහෙකාරියක සේ වැඩ කරමින් සිටි ඇය අත්අඩංගුවට ගනු ලැබුවේය. ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

