‘ශවේන්ද්‍රට වැට බඳින්න බලයක් නෑ‘


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා නිරීක්ෂණය වැළැක්වීමට තමාට බලයක් නැතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියයි. බෑන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කළ වාර්තාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාගේ නම ද සඳහන් කැර තිබිණි. සාම සාධක මෙහෙයුම් උපදේශක සභාවේ සාමාජිකයකු ලෙස ශවේන්ද්‍ර සිල්වා ලබන 4 වැනිදා දක්වා ලෙබනනයේ නීරීක්ෂණ චාරිකාවක යෙදී සිටී.