වෙරෝනා මහා විහාරය පිහිටි වර්ග මිටර් 350 ක භුමිය හා මහල් දෙකක ගොඩනෑල්ල සමග විහාර ගෙය යුරෝ දෙලක්ෂ පනස් දහසකට මිලදි ගත් බව දායක සභාව පවසයි.
පසුගියදා එහි ඉතාලි ජාතික හිමිකරුවන් සමග ගිවිසුම අත්සන් කිරිම විහාරස්ථානයේදි සිදු වු අතර ඒ සදහා විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන් සමග දායක සභාවේ ලේකම් නන්දලාල් කාරියවසම් මහතා ඊට අත්සන් කළහ.

