‘විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් යළි සේවයට බඳවා ගන්නවා‘


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

රටපුරා ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු 1850ක් පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා තිබියදී මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරුන් යළි සේවයට බඳවා ගැනීමට රජය තටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශ්‍රාම ගැනීමට නියමිත ග්‍රාම සේවා නිලධාරීන් දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇති වූ ආපදා තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු සේවයේ තබා ගැනීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.