විධායක ජනපති ක්‍රමය ඉවත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් එම ක්‍රමය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දංකොටුවේ සාමාජික ප්‍රවවර්ධන වැඩසටහනක් අරඹමින් ප්‍රකාශ කළේය.
‘එක්සත් ජාතික පක්ෂ පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කරනවා.මේ රජය විධායක ජනපති ක්‍රමය ඉවත් කරන බවට පොරොන්දු දුන්නා .එය කඩ කළා පමණක් නොව එහි වරප්‍රසාද හොඳට භුක්ති විදිනවා.ඒ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ 18 වැනි සංශෝධනයේ පිහිටෙන්.එක්සත්ජාතික පක්ෂයට බලය දුන්නොත් ඇමැති මණ්ඩලය විසිපහ ට බස්සනවා.මාස හයක් ඇතුළත තොරතුරු දැනගැනීමේ පනතත් නීතීගත කරනවා ’

