(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
ලංකාවේ නිපදවන ඉස්තරම් පැඟිරි වෙනුවට විදේශයෙන් ගෙන්වන වෙනත් ආදේශකය සොයා එය ගෙන්වීම නවත්වා ලංකාවේ නිපදවන පැඟිරි තෙල් සඳහා උපරිම ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.
ඇඹිලිපිටියේ දී අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ කීය.
‘ලංකාවේ හොඳම පැඟිරි නිපදවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේශය ආශ්‍රිතව. මහින්ද මහත්තයා ජනපති වෙලා හිටිය කාලේ පැඟිරි බෝතලයක් රුපියල් 8000 යි. දැන් 10,000. පැඟිරි තෙල් පිටරටින් ගේන හින්දා පැඟිරි තෙල් මිල බැස්සා කියලා අපි මුලින් හිතුවේ.’
‘රාජ්‍ය ඇමැතිවරයා වුණාට පස්සේ මම මේ ගැන හොයා බැලුවා. කොළොන්න සහ අවට ප්‍රදේශවල පැඟිරි කර්මාන්තයේ 30,000ක් විතර නිරතව හිටියා. මිල පහළ වැටිමත් සමඟ ඒ හුඟ දෙනෙක් පැඟිරි වගාවෙන් සහ කර්මාන්තයෙන් ඉවත් වුණා. මම ඒ අය සමඟ සාකච්ඡා කළා.’
‘මම මගේ අධ්‍යක්‍ෂ ජනරාල්ට මේ ගැන හොයලා බලන්න කිව්වා. හොයලා බලලා එයා කිව්වා, පැඟිරි තෙල් පිටරටින් ගේන්නේ නෑ, ඒ වෙනුවට ආදේශක රසයානියකයක් ගේනවා කියලා. මම වහාම නියෝග කළා ඒ රසායනිකය කුමක්ද කියලා හොයලා බලලා මට වාර්තාවක් දෙන්න කියලා. ඒ වාර්තාව ලැබුණාම ජනාධිපති කියලා එය ගෙන්වන එක වහාම නවත්වනවා. එතකොට පැඟිරිතෙල් වලට හොඳ මිලක් ලැබේවි.’ යැයි කීවේය.

