(යොහාන් භාසුර)
රැකියා සඳහා විදේශගත වීමට අපේක්‍ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලාංකිකයන්ට මේ වන විට විදේශ රැකියා වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක් ඇති වී ඇති බව කී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විදේශ රැකියා සඳහා යොමුවීමට බාධා ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
විදේශගත වන ශ්‍රමිකයන්ට මෙරට ගුවන්යානා පහසුකම් ප්‍රමාණවත් නොවේ නම් විදේශ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර පහසුකම් ලබාදෙන ලෙස ද අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අරලිගහ මන්දිරයේදී පැවැති විදේශ විනියම ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා එසේ උපදෙස් දුන්නේය.

