(මහේෂ් කිර්තිරත්න )
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතලේ රිවස්ටන් මාර්ගය භාවිත නොකරන ලෙසට රත්තොට පොලිසිය මහජනතාව දැනුම් දෙයි .
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කණ්ඩි කඩා වැටීමේ අවධානමක් පවතින අතර මේ හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුවිය හැකි බව පොලීසිය කියයි.
මෙම වර්ෂා තත්ත්වය පහව යනතෙක් රිවස්ටන් ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස ද පොලීසිය දැනුම් දෙයි.
රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා සඳහන් කළේ මේ පිළිබඳව රත්තොට පොලිසිය හා එක්ව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

